කෙටි කතාවක්..
"හාමිනේ...හෙට පෝය නේද..මං මේ පෝයට ගෙදර ඉන්නම්. හාමිනේ සීලෙට යන්ට ලෑස්ති වෙන්ටකො.."
මේ සිහල රටේ ගෙන්දගම් පොලොවම පසාරු කරමින් ඒ හඩ හාමිනේගේ කන් පුරාම පමනක් නොව පපුවම පිච්චුවා...
"අර මොකටද ඒ.....?"
"මං ගිය පෝයට ගියානෙ සීලෙට.මේ පාර හාමිනේ යන්ට.මං මේ වෑර්ලස් එකෙන් බණ ටිකක් අහල ගෙදර ඉන්නම්කො."
"නෑ මේ පෝයටත් රාලහාමි යන්ටකො.මං දානෙ ටික සකසුරුවම් කරගෙන එන්නම්."
"මටත් වැඩිය හාමිනේටනෙ සීලෙට යන්ට ඕන්නෙ."
"මටත් එහෙම විශේෂයක් නෑ මහත්තයා..මයෙ හිතේ හැමදාම දෙයියො බුදුන් ඉන්නව."
"දෙයියො දෙක බුදුන් එකනෙ හාමිනේ...අපිට දෙයියන්ගෙන් ඉල්ලන්ට තව ඉතුරුවෙලා දෙයක් නෑනෙ.යන තැනකට අරං යන්ට පිං ටිකක් කරගමුකො."
"ඒකනම් ඇත්ත රාලහාමි.බුදුන් අපිට කවදාවත් පිටුපාන්නෑ මයෙ හිතේ..."
හාමිනේ උදෑනැක්කේ...බත් මුට්ටිය පොල්කටු හැන්දෙන් හීරුවේ රෑට උයාගත් ඉතිරි බත් ටිකට දන්කුඩ ටික කලවම් කරන ගමන්.හාල් ටික නෑබිලියට දමා එයින් මිටක් තවත් මැටි මුට්ටියකට එකතු කරන හාමිනේ සෑම පෝයකටම පංසලට යන්නේ ඒ මිටි හාල් ටිකද මල්ලක බහා ගෙනයි.
"ගිය පෝයට මිටි හාල් ටික අරං යන්ටත් බැරිවුනානෙ.දැන්නම් මුට්ටියෙ බාගයක් පිරිල."
"ඉතිං හාමිනේ මට දෙන්ට එපැයි අරං යන්ට."
"මේන් රාලහාමි කාල හිටියනම්."
නිරුත්තර වූ දෑසින් ඒ මැටි මඩක්කුව දෙස බලමින් ඔහු දෙඅතින්ම ගෙන පසෙක තබා ඇළුමිනියම් ජොග්ගු කබල ගෙන අත හෝදා ගෙහි දොරකඩේ කුන්කු මිටියන් ගසාගෙන වාඩි උනා.උදේ ආහාරයට ඇත්තේ හීලි බත් ටිකට හාල් මැස්සන් ඔලු දමා අබරාගත් ලුනු මිරිසට මෑකරල් කොල පලා මැල්ලුමක් පමනයි."
"හාමිනෙත් කන්ට එහෙනම්."
"හ හා මං කන්නම් මට අද දියබත් ටිකක් කන්ට හිත."
හාමිනේ පොල් මිටක් ගා හීලි බත් ටික හෝදා එයට ලූණු කැබැල්ලක් කපා දමා කිරි ටිකෙන් කලවම් කර එක හුස්මකට කා දැමුවේ බත් කටවල් දෙක තුනක් තිබුන නිසයි."
මාස දෙකක් මිටින් මිට එකතු කල හාල් එකතුවී ඇත්තේ නැලියකටත් අඩුවෙනි.තම නිවස තුල පිසෙනා ආහාර වේල් ගණන එයින් මැන ගත හැකිය....
##################################################################
තුබ වැලේ උඩම තුබ ගෙඩි හත අටක් ඵල දරා ඇත.රාලහාමි එයට කෙල ගිල්ලද කඩාගන්නට මාන බැලුවා.හෑම වසරකම අගෝස්තුවේ තුබ වැල මැරී විනාස වී ගියද මාස් කොනින් කලුකර අනෝරා වැහි වැසෙද්දී නැවතත් පොලොව මතින් හිස දමනා තුබ වැල කිසිදාක විනාසවන්නේ නැත.
සුදු පිච්ච මල් ගස් කිහිපය හාමිනේගේ හදවත වැනිය.ඇය තමාට බොන්නට ජලය නොතිබුනද මල් ගස් ටික දවසින් දවස දළුලන්නේ කෙසේ හෝ එය පරිස්සම් කරන නිසයි.
දෙදෙනාටම එකම පෝයට සීලෙට යන්නට නොහැකිවන්නේ දාන වේල සකසා ගන්නට කෙනෙක් නොමැතිකමයි.මහලු වියට පත්ව සිටිනා ඔවුන් දෙදෙනා ජීවත් වෙන්නේ පිලිකන්නේ ඇති බුලත් කොටුවෙනි.දවසට බුලත් මිටියක් තරම් කඩාගන්නා ඔවුන් එයින් කන්නට ඕනි කරන කලමනා ගත්තා.දෙදෙනාටම හම්බවෙන හත්සිය පනහේ පිං පඩිය ගත් විගස ඔවුනට මතක්වෙන්නේ තම දරුවන්ය.
දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන් වන ඔවුන් දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දුන්නේ එහි දැණුමක් තිබුන නිසාම නොව.තම කලමනා අකුරට කර දුන්න නිසාම ඔවුන්ගේ දැණුමෙන් ඉදිරියටම ගොස් ඇත.තම බාල දියණිය පාසල් ගුරුවරියක් වන අතරම ස්වාමියා යුද හමුදාවේ උසස් නිලධාරියෙකි.
ලොකු දරුවා පිරිමියෙකි ඔහු වනජීවි අනුරාධපුර අංශ භාර නිලධාරියාය.ඔහුගේ බිරිද එයට අනියුක්ත රැකියාවක් කලා.
ලොකු දුවද රජයේ රැකියාවක් කර තම ස්වාමියාගෙ අකමැත්ත මත රස්සාව අතහැර නිවසට වී දරුවන් බලාකියා ගනිමින් නිවසේ කටයුතු කරමින් උන්නා...
"හාමිනේ ලබන සදුදට පිං පඩිය අරං යමුද දරුවො බලල එන්ට.?"
"ඒක හොද අදහස රාලහාමි...යමු යමු.හීං එකීගෙ මුනුබුරා බලන්ට හරී ආසයි."
"හ්ම්ම්ම්ම්ම් අයෙ අපි බලන්ට දරුවො එන එකයැ."
අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර තම නිවසට පැමිනෙනා බාල දියණියගේ නිවසේ වැඩකාර මහළු මිනිසා කිවූ කතාවක් රාලහාමිට අදවගේ මතකයි.
"මේන් චූටි නෝන මේ බඩු ටික දෙන්ට කිවුව.මේ දවස් ටිකේ එන්ට විදිහක් නෑ කියල."
තිදෙනාම තම අලුත් අවුරුද්දට ඇදුම් හා උයන්නට පිහින්නට බඩුමුට්ටු ටිකක් මල්ලක බහා එවා තිබුනා...දෙදෙනාගේම හිත් කම්පාවට පත්වුනද එය ඔහුට නොපෙන්වා කිසිවෙකුටත් නොපෙනෙන්නට හොරෙන් කදුලු පිසදැමුවා...
"හාමිනේ...මං ලොක්කි දිහාට යන්නම්.හාමිනේ පොඩි එකීගෙ මුනුබුරා බලලා හෙට එන්ට.මාත් හෙටම එන්නම්."
තම දරුවන් බලන්නට යන්නට රාලහාමි සෑම තැනම ගොස් ගොටුකොල.මුකුනුවැන්න.අනුගකොල.කෙසෙල් මුව.පොලොස්.කොස්.කලු අලකොල පතු.මාලු කෙසෙල්.මේ සියල්ල තම ගමන් මලු දෙකට බහාගෙන සම සමව ලෑස්ති කලේ දරුවන් දෙදෙනාට රැගෙන යාමටයි...
පසුදා දෙදෙනාම පිං පඩිය අතට ගනිද්දී නවය හමාරද පසුවයි තිබුනේ.
"හාමිනේ බනිස් ගෙඩියක් කාලා කහට එකක් බීලම යන්."
"ඒක හොදයි රාලහාමි."
තවත් නිමේසයකින් තේ කෝප්පය බී දෙදෙනා බස් දෙකකට නැග පිටවගියා...
#########################################$########################
"අප්පේ....හරී මහන්සියි.පොල් පටවලා වාගෙ බස් එකේ.එනකන්ම හිටගෙන ආවෙ.."
රාලහාමි සුවිසල් මැදුරට පැමින බිමම වාඩිවුනා....
"අනේ අප්පච්චී මේ පුටුවක වාඩිවෙන්නකො.අහල පහල කවුරුත් දැක්කොත් ලැජ්ජාවෙ බෑ..."
"නැ නෑ..මට මෙහෙම හොදයි..මහන්සිය යන්ටත් එක්ක."
"අප්පච්චිලාට කියන දෙයක් කවදාවත් තේරුම් ගන්න එකක්යැයි .මේ ගම නෙවෙයි.."
"අකමැත්තෙන් මෙන් ඔහු පුටුවකට බරවුනා...
"අප්පච්චි කූල් එකක් බොනවද..තේ එකක් බොනවද...?"
"මට ඔය ජරාව එපා.තේ එකක් දියන්."
"ඔන්න අයෙත් කියවනව.හෙමීට හෙමීට..."
"ජී යන්ට බලුගෙඩියා..."
මහා තඩි බල්ලෙකුවිත් රාලහාමිගේ ඇගේ දැවටුනා...
"අයියෝ....බ්ලැකී කියන්ට.එයා බල්ල කිවුවට දන්නෙ නෑ...බලන්ටකො ලස්සන.මාසෙකට රුපියල් දහදාහක් යනව පවුඩර්වලට විතරක්."
"ඔහුගේ පපුව මොහොතකට සැලුනා...විකුනාගන්නා බුලත් මිටියෙන් ජීවත්වන්නට දරනා වෙහෙස දන්නේ ඔහු පමනයි."
"කෝ දරුවො..."
"එයාල ක්ලාස් ගියා..."
"රාලහාමි කට කොනින් සිනාසුනා..."
"උබල ඉස්කෝලෙ යනකාලෙ ගියෙ පංති විතරයි.දැන් ඒකට..."
දෙන්නට පිලිතුරු නැතිව ඇය පිටව ගියා...මද වේලවකින් පැමිණියේ තේ එකක්ද රැගෙනයි..
"ආන් මං පලා ටිකක් කොස් කෑල්ලක් එහෙම ගෙනාවා.අම්මා ඊයෙ ඕව ටික හදල බුදිය ගද්දින් දොලහත් පහුවෙලා..."
"අනේ ඕව මොකටද ගෙනාවෙ.මේ ළමයි ඕව කන්නෙ නෑ.බොරුවටනෙ මහන්සි වෙන්නෙ.ඕව ඔක්කම විසි කරන්ට වෙන්නෙ."
"ඒකත් එහෙමද....අපරාදෙ එහෙනම්."
ඉන් එහා කිසිවක් ඔහු කියන්නට ගියේ නැත.තේ එක බී අවසන්ව ඔහු බෑගයේ තිබුන බුලත් මල්ලද ගෙන මිදුලට පැමිනියා...
බුලත් විටේ කටට ඔබාගත්තා පමනයි....
"අප්පච්චී....අනේ ඕවට කෙලගහන්ට එපා..බලන්ටකො මං ඕක හදාගන්ට කී දාහක් වියදම් කලාද.අප්පච්චි ආවම මට පොඩි ළමයි බලාගන්නව වගේනෙ."
රාලහාමි දිග...සුසුමක් හෙලුවා...
"අප්පච්චි දැන්ම යනවද කාලම යනවද..?මං අද දවල්ට ඉවුවෙ නෑ..හනිකට උයල දෙන්ට අහන්නෙ."
"මම උබෙ රජබොජුන් ගිලින්ට ආවෙ නෑ.මං දැන්ම යන්නම්."
"මේ අප්පච්චිලා එක්ක කොහොම ජීවත් වෙන්ටද මං දන්නෑ අප්පා..."
"ඒක ඇත්ත දුවේ....උබල එක පාරටම ඉපදිලා ලොකුවෙලා නෝන මහත්තුරු උනානෙ."
තවත් ඔහු කිසිවක් කතාකලේ නැත.නිවසට ගොස් බෑගය ගෙන මිදුලට බැස්සා....
"අප්පච්චී....කොහෙද යන්නෙ..යනවනම් ආ මේ රුපියල් පන්සීය අරං යන්ට."
ඔහු එයට සිනාසුනා පමනයි...ඔහු යන මගට විශාල බල්ලාද පැමිනියා..රාලහාමි බල්ලා දෙස බලා දෙවනුව රුපියල් පන්සීය දෙස බලා අනතුරුව තම දියණිය දෙස බලා නැවතත් මද සිනාවක් පා යන්නට ගියා.....ඇය තම සුරතලාගේ අත් දෙකෙන් අල්ලාගෙන ගෙට ගෙන ගියා....
##################################################################
හාමිනේ ඉනට අතක් තියාගෙන බෑගයද උස්සාගෙන හිතේ සතුට පුරෝගෙන නිවසට ගොඩවුනා...
"අනේ අම්මා...බාටා දෙක ගලවලා එනටකො.දැන් මං මොබ්කලේ..මඩ ගෑවෙනව ටයිල්වල.සුදු පාටනෙ හොදටම පේනවනෙ."
හාමිනේ තිබූ අඩිය පසෙකට ගෙන බාටා දෙක ගලවා නිවසට ගොඩවුනා....
"එන්න අම්මා කිචන්නෙකටම යමු."
ඇය කිසිත් නොකියා ඇගේ පසුපසු ගොස් කුස්සියේ බංකු කෑල්ලේ වාඩිවුනා...
"කෝ පොඩි එකා...."
"හා එයාල ට්‍රිප් එකක් ගියානෙ.පුංචි දඹදිව.මට බෑ හිතුන.මං මැනිකා එක්ක හිටියා...."
"අනේ...මටත් එකපාරක් යාගන්ට පුලුවන් උනානම්.."
ඇගේ දෙඅත් නලලට එසවුනා...
"අම්මලාට ඕවගෙ යන්ට බෑ....අම්මෝ සෙනග.මං තුන් පාරක් ගියා එපාවෙලා ආවෙ."
ඇය කිසිත් නොකියා ඈත බලාගෙන උන්නා...
"අම්මා තේ එකක් බොනවද...?"
"නෑ පස්සේ බොමු."
තම දියණිය නොසොල්මන්ව මදක් බලා උන්නා...
"අ ම් මා......මේ....අ ම් මා....අද යන්ටනෙ ආවෙ නේද...?"
"ඒ මොකද පොඩ්ඩි...?"
"නෑ...මේ....හෙට පුතාගෙ උපන් දිනේනෙ..."
"අනේ ....එහෙමද...බුදුන්ගෙම පිහිටයි මයෙ කොල්ලට...රත්නත්තරේ සරණයි .."
"මං අද ආවෙත් කොල්ල බලලා යන්ට කියල."
"එයා එද්දින් අද රෑවෙයි.අම්මට අද බලන්ට වෙන්නෙ නෑ...."
කිසිත් නොකියා හාමිනේ නොසොල්මන්ව සිටියා..
"හෙට පුතාගෙ උපන්දින පාටිය තියනව.ගොඩක් වැදගත් අය එන්නෙ.ඒ ක යි...මං..මේ අම්මා අද යනවද කියල ඇහුවෙ."
"ඇයි මං යන්ට ඕනිද...?"
"නෑ...මේ...අනේ මංද අම්මා හොද විදිහක් කරන්ටකො.හැබැයි මට අම්මගෙ වැඩ ටික කර කර ඉන්ට බැරිවෙයි.තනියම කරගන්ට වෙන්නෙ."
"හ්ම්ම්ම්ම්ම්......ඒ....දිග...සුසුමක්ය."
"අම්මා ඔය නැගිට්ටෙ යන්ටද...?
"ඉදා මේන් බෑක්කෙ අනම් මනම් ටිකක් ගෙනාවා ඒව අරගනින්කො..."
"කට්ටිය ඉද්දින් අම්මා ඔහොම කතාකරාම මහත්තයාට හොද නෑනෙ.මටනම් ඕව ගානක් නෑ...."
"මං යන්නම් පොඩ්ඩි.පස්සෙ වෙලාවක එන්නම්කො."
"ඔව් අම්මා.එහෙම කරන්ට."
"මොනවද මේව...හා කෙසෙල් මුවත් ගෙනාවද.දැන් ලමයි ඕව දිහා බලන්නෙවත් නෑ...කමක් නෑ මං මැණිකට ගෙදර අරං යන්ට දෙන්නම්කො.අම්මට පිං සිද්ද වෙන්ටත් එක්ක."
තම දියණියගේ විසල් මංදිරයෙන් ඇයද පිටව නිවස බලා යන්නට සැරසුනා...
##################################################################
ඇය නිවසට යන්නට පෙර තම ස්වාමියා ගෙදරට වී ඈත බලාගෙන උන්නා....
"හාමිනේ....මොකද මේ...අදම ආවෙ...?
"අනේ රාලහාමි..කොල්ල ගෙදර නෑ...ඔන්න ඔහෙ කොහෙදො ගිහිං. මං ආව එන්ට.එතකොට මහත්තයා....?"
"මට එහෙට ගියවෙලාවෙ ඉදල මහ කම්මැලියක්.මං ඔන්න ඔහේ ආව එන්ට."
දෙදෙනාම තම හිත් සගවාගත්තා....
පිදුරු සෙවිලිකල තම දරුවන්ගේ මහ ගෙදර අන්ද අදුරෙන් පිරීගියත් තාමත් ලාම්පුව දැල්වී නැත.පඩිකදට වෙලා රාලහාමි ඇසට නැගෙන කදුලු සෙමින් සගවා ගත්තා....හාමිනේ ලිප් බොක්කට වී ඉකිබින්දේ දරාගත නොහැකි වේදනාවෙන් යුතුවයි.
"හාමිනේ......."
ඒ හඩට තකහනියක් ඇය පැමිනියා....
"හාමිනේ...අපෙන් දරුවන්ට වරදක් වෙලා තියනවද...?"
"දැනුවත්ව එහෙම වෙලා නෑ රාලහාමි.අපි කරේ දරුවොන්ට උගන්නන්ට මහන්සි ගත්ත එකනෙ."
"ඒකනෙ හාමිනේ....දරුවො ඇයි අපිට මෙහෙම කරන්නෙ....?
"ඒක දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි.."
"තව ටික කාලයයිනෙ අපි ඔන්න ඔහේ මැරිල යයි හාමිනේ....දරුවො ගැන අපෙ හිතේ තියන ආදරය දන්නෙ අපි විතරයි හාමිනේ....
එයාලට හොද විදිහට ජීවත්වෙයි.කවදාහරි දෙමව්පියන්ගෙ අගේ දැණුනොත් අපි හොයාගෙන එයි.
විඩාබර දෑසින් නිදාගත් හාමිනේ පසුදා අලුයම නැගිට දරුවාගේ උපන්දිනය මතක්කර කිරිබත් උයා බුදුන්ට පිදුවේ....
"අනේ ලොවුතුරා බුදුරජාණන් වහන්ස...මගේ මුණුබුරාට මේ ලෝකේ ඉහලටම යන්ට ලැබෙන්ට ඕනි.කවදාවත් මගේ දරුවාගේ දෙමාපියන්ට දුකක් දෙන්නෙ නැතිව ගුණදම් වලින්ද ජීවිතය පිරෙන්ට ඕනි.කිසිදු දුකක් කරදරයක් වෙන්න එපා..
************************************************************************************************
ජීවිතයෙන් ගොඩයන්න තම දෙමාපියන් විදිනා දුකට කිසිදාක පිටුපාන්න එපා.එය මෙලොවදීම අපටද පටිසන්දෙනවාමයි.එය මගේ මතය.ඔබේ අදහස්ද මට ගොඩාක් වටිනු ඇත.
මෙය නිර්මාණයක් පමනයි.මව්පියන්ගේ අගය දැනෙන්නේ තමන්ද දරුවෙක් මෙලොවට ජාතක කර වැදූ පසුවයි.එහෙත් අද සමාජය බොහෝ කුරිරු වී ඇත.මෙය කාගේ වරදද...?
දරුවන් මෙන්ම දිනකදී මව්පියන්ද දරුවන්ගෙන් සෙනෙහස අයදියි.එදාට අඩුවක් නැතිව ආදරය දෙන්න.යන දවසට දරුවන්ට බොහෝ පිං ඉතිරිකර ඔවුන් මෙලොවින් සමුගනු නියතයි.
බුදු සරණයි
(අවසානයි)
..................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Subscribe os on Youtube :https://www.youtube.com/channel/UC1DLXUYPENT6w8ztLeuy0cg
Channel 02 : Cool Vlogs
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
Follow us on istagram:
https://www.instagram.com/cool_machan_cool/
https://www.instagram.com/cool_machan_cool/
Like us on facebook : Cool machan cool
No comments:
Post a Comment