Popular Posts

කෙටි කතාව...

කෙටි කතාව...


...................................................................
මේකත් මං ලිව්වා වගේම සත්ය කතාවක්...මේක මගෙ ලගින්ම හිටිය කෙනෙක්ගෙ කතාවක්...නම් ගම් මනංකල්පිත බව සලකන්න...
..................................
ඇයි මොකද මේ කුමාරිහාමි නැගිටන්...ආ..
ඔයා එනකම් හිටියෙ මහත්තයෝ...
මොකටද මං එනකම් හිටියේ..හා..හා..අදනම් පට්ට ආතල්...
දැන් වෙලාව පාන්දර 2යි..කසාද බැදලා මං ඇවිත් හරියටම මාසයයි...ඒත් මේ මගෙ පලවෙනි කසාදෙ නෙමෙයි...
මම දිල්කි සමරනායක...අපේ පව්ලට ටිකක් යහමින් සල්ලි තිබ්බා...අර වලව් කියන්නේ ඒ වගේ වංශෙ කබල් ගෑවා කිව්වොත් හරි...
මගෙ මහත්තයා දිලුම් කෝට්ටගේ...එයාට අපිට වඩා සල්ලි තිබ්බා..ඒක හින්දම අපෙ ගෙදරින් එක පයින්ම කැමති වුනා...ඒත් එයාලා කරේ ලොකු වැරැද්දක් කියලා අදටත් එයාලා දන්නෙ නැතිව ඇති...මේ මගෙ ජීවිත කතාව....
ඔයා කෑවද මහත්තයෝ...
නැතිව ඉතිං පාටියකට යන්නේ උඩ බලන් ඉන්නද...හරියට ඇවිදගන්නවත් පන නැති දිලුම්ව කරපින්නගෙන ආවේ driver...මං ඔහුව ඇදෙන් හාන්සි කරා...එයාගෙම එහා පැත්තෙ ඉදන් මං ගියෙ මගෙ අතීතයට...
ඔව් එයා මගෙ පලවෙනි කසාදේ...අපි ආදරේ කරලයි බැන්දේ...එයා අකිල... කැම්පස් යන කාලේ මං ඒ සම්බන්දෙ පටන් ගත්තේ ...එයා ගොඩක් දුප්පත්...ඉන්නවත් තැනක් තිබුනෙ නැහැ...
hello මේ motor company...
ඔව් මිස්...
මගෙ car එක හදිස්සියෙ break down වුනානේ..
හරි මිස් කොතනද ඉන්නෙ කියන්න පුළුවමිද අපේ කෙනෙක් එවන්න..
ම්...මම ඉන්නේ කොලඹ නුවර පාරේ කුරුණෑගල...
හරි මිස් ඔතෙන්ට එයි අපේ කෙනෙක්..නම කියන්න මිස්ගේ...ඔහු මගෙ ඔක්කොම ලියා ගත්තා..
කිව්වා වගේම කෙනෙක් ආවා...මජන් නාගෙන...ඒ තමයි අකිල...කොච්චර මජන් නාලා දාඩිය දාලා තිබ්බත් ඒ හිනාවෙන් අමුතුම ලස්සනක් ඒ මූනට ගෙනවා..
මිස් දිල්කිද..දැන් කතා කරේ අපිට..
ආ..ඔව් ඔව් මම තමයි දැන් කතා කලේ..
ආ හරි මිස්..ඉන්න මං බලන්නම්...අකිල car එක බලනකම් මං පැත්තකට වෙලා හිටගෙන හිටියා...
වැඩේ හරි මිස්...දැන් start කරලා බලන්න..
oh..Thanks..කීයද ගාන...
1500යි මිස්...
එදා තමයි අපෙ පලවෙනි හමුවීම...
ආ..මේ අර මගෙ car එක හදලා දුන්න boy නේද..ඇයි මේ වාහනවලට අතදාන්නේ...මං දවසක් ගමනක් යනකොට අකිල කලබලයෙන් වගේ වාහනවලට අත දානවා...ඇත්තටම ඒ අතුරුපාරේ බස් යන්නෙ නැහැ...
ඇයි..කරදරයක්ද...මං වාහනෙ නවත්තලා glass එක පාත් කරලා ඇහුවා...
අනේ ඔව් මිස් මගෙ අම්මට හොදටම අමාරුයි..අනේ hospital අරන් යන්න පුළුවමිද..ඔහු මගෙන් ඇයද හිටියෙ ඔහුට මේ ලොකෙ තියෙන වටිනාම වස්තුව රැකදෙන ලෙසයි...
මම අකිලවත් දාගෙන hospital ගියත් අපිට එයාගෙ අම්මව බේරගන්න බැරිවුනා...එදා අකිල හොදටම ඇඩුවා..මං එතනින් පස්සේ අම්මගෙ මලගෙදරට දානමානවලට ආවා..එතනින් තමයි අපේ ආදරේ පටන් ගත්තේ..
මැනික..
ම්...කියන්න අයියේ...මං හිටියෙ එයාගෙ පපුවට ඔළුව තියන්...
මට සුදුලට වගේ සල්ලි නැහැ..මගෙ මැනික කැම්පස් ගිහින් හොදට ඉගෙන ගත්තම හොද මහත්තයෙක්ව බදින්න පුළුවම්වෙයි නේද...
මොනවද අයියේ මේ කියන්නේ..එදානම් මගෙ හිත ගොඩක් රිදුනා..මොකද ඒ තරම් ආදරයක් රුකවරනයක් අකිල මට දුන්නා..මගෙ ඉගෙනීම වැඩ ඉවරවෙලා මට බැංකුවක රස්සාව හම්බුනා..ඒ වෙද්දිත් අකිල කරේ ගරාජ් එකේ වැඩ...හදිස්සියෙම අපෙ ගෙදරින් මට විවාහ යෝජනාවක් ආවා..
අයියේ..අනේ මාව කොහේහරි ඔයා ඉන්න කැනකට අරන් යන්න.මට ඕනි ඔයා එක්ක ජීවත් වෙන්න..මං එදා ගත්ත තීරණය හින්දා අකිල එක්ක එයාගෙ වෙන්න ගියා..
ඔව් අපි ඒ ගම අතඇරලා අනුරාධපුරේට ආවා..මගෙ අතේ තිබ්බ සල්ලිවලින් අකිල ගාව තිබ්බ සල්ලි කොහොමහරි ගැට ගහලා පුංචි ගෙයක් කුලියට ගත්තා..
සුදු...සැපට හැදුන මගෙ රත්තරන්ට පුළුවම්ද මෙහෙම දුක්විදින්න..එදා මං එයාගෙම පතිනිය වුන දවසෙ මාව පපුවට තුරුල් කරන් ඇහුවා...ඔව් එදා..ඒ දවසෙ මට එච්චර ශක්තියක් තිබ්බා ඕනි දුකක් විදින්න...
අකිල කරේ කුලී වැඩ..ගෙදර ඉද්දි හැමවෙලේම මොනවහරි කන මට..කිරි මස් මාළු චීස් ඔය ඕනදෙයක් කන මට සම්බෝලයි බතුයි කාලා නිදාගන්න වුනා..ඒත් ඒවා රහමිහිර වගේ දැනුනෙ එයාගෙ ආදරේ නිසා..හරියට අදින්නවත් මට තිබුන් නැහැ..
සුදු..අපි ගමේ යමු...මේ රස්සා කරලා බැහැ.මං පොඩියට ගමේ ගරාජ් එකක් පටන්ගන්නම්..මම දන්න දේනේ..
හා මහත්තයො අපි යමු..හරියටම පැනලා ඇවිත් මාස තුනකට පස්සේ අපි ගමේ ආවා..
කියපු විදිහටම එයා ගරාජ් එකක් පටන්ගත්තා..මං බැංකුවෙ රස්සාවකට ගියා..
ඒයි උබට ලැජ්ජ නැද්ද බං අර ගරාජ්කාරයෙක්ව බැදලා ඉන්නේ..ඔය වචනෙ මට බැංකුවෙන් විතරක් නෙමෙයි දන්න දන්න හැමෝගෙන්ම අහන්න ලැබුනා..
ඒ..මේ බලපන්..චතුගේ husband එයාගෙ birthday එකට රත්තරන් මාලයක් දීලා..ඒ කෝ බං උබේ wedding ring එක දිල්කියෝ..
ආ..මං ඒක ගෙදර ගැලෙව්වා වැඩකට..දාගන්ග අමතක වෙලා..එදා මං කිව්වෙ බොරුවක්..මොකද මට මුද්දක් දාන්න අකිලට වත්කමක් නැහැ..
සුදු මැනික..
ම්....
මේ බලන්න මං ඔයාට මොනාද ගෙනාවෙ කියලා...එදා මගෙ birthday එක..
මොනාද...
බලන්නකෝ...
මොනවද අනේ මේ..තමුසෙට පිස්සුද..මං පොඩි එකෙක් කියලා හිතුවද..එදා අකිල ගෙනත් තිබ්බ ගවුමෙන් මං එයාට දමලා ගැහුවා...
එදා මට මේ කසාදෙ පලවෙනි වතාවට කලකිරුනා..මොකද මං දන්නවා office එකේ අය අනිවාරුයෙන් husband දුන්නෙ මොනාද කියලා අහනවා කියලා..ඒත් අකිල ඒ ගවුම ගෙනාවෙ එයාට පුළුවම් විදිහට..ඒක තේරැම් ගියේ මට අද...හේතුව...
කොටස් දෙකක් තුනක් තියෙනවා..හිතනවා මේකත් ලොකු ආදර්ශයක්වෙයි කියලා මගෙ අනිත් කතා වගේම...අතීතෙ නොතේරුනු දේවල් අනාගතෙට කොච්චර බලපානවද කියලා බලමු..
හංසී..

..................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Like us on facebook : Cool machan cool

No comments:

Post a Comment