Popular Posts

"වියරැ රෑමතිය"

...................................................................
(පොලිස් අපරාද විමාර්ශන අන්සයේ විශ්‍රාමික ප්‍රධානියගේ මතකයෙන් තවත් බිහසුනු කතාවක්)
"ට්‍ර්ං,,ට්‍ර්ං"
එක දිගටම දුරකතනය නාද වන්නට ගත් නිසා තද නින්දේ සිටි මුත් පුරැද්දට මෙන් මා හට ඇහැරැනේ බිත්තියෙහි තිබු ඔරලෝසුවට දෙනෙත් යොමු කරමින් දැන් වේලාව කියදැයි බලන ගමන්මයි...
"පන්දර දෙකයි,,කව්ද මේ වෙලාවේ කෝල් ගන්නේ..."
සිතමින්ම දුරකතනය අතට ගත් මා හට අනේක් පසින් ඇසුනේ සාජන් කුරේ ගේ කටහඩයි..
"සර් good morning...මේ වෙලාවේ කරදර කලාට සමාවෙන්න .එත් සර් හරි අමුතු සිදුවිමක් සිද්ද වෙලා තියනවා .එක කියන්නයි ගත්තේ...."
මොකක් නමුත් වැදගත් කාරනවක් විය යුතුය.නැත්නම් සාජන් කුරේ මේ අවේලාවෙ කතාකරන අයකු නොවන වග මා අත්දැකිමෙන්ම දන්නෙමු...
"ආ,,සාජන් නිදාගෙන තමා හිටියෙ එකට කමක් නැ කියන්න මොකක්ද පණිවිඩෙ ..."
"සර් අපිට මේ දැන් පැමිනිල්ලක් ලැබුනා .ත්‍රිවිල් රියදුරේක්ගෙන්...."
"මෝකක් කියලද..."
"සර් ඉයේ රෑ .එ කියන්නේ හරියටම එ මිනිහා කියන විදිහට 11.30ට විතර ගැනු කේනෙක් ලේ ගැවිච්ච ඇදුමක් ඇදන් දුවන් ඇවිත් පන්ඩුලගමින් නැගලා තියනවා එ මනුස්සයගෙ විල් එකට .පස්සෙ ඉතින් යන්න ඔන තැන කියලා ,කියලා තියෙන්නෙ මැදවච්චියට මිනිහත් රැපියල් තුන්දහක් ඉල්ලලා අර ගැණි රැපියල් පන්දාහෙ කොලයක්ම දුන්නලු .ඉතින් මිනිහා හයර් එක ගිහින් පැයක් ඇතුලත අපහු ඇවිත් පර්ක් එකට .එනකොට එතනට ටිකක් එහායින් තිබිලා තියෙනවා සර් දන්නවානේද අර ඇමති තාරක ගජනයකගෙ ගේදර .අන්න එතන මිනිස්සු පිරිලා ඉදලා තියෙනවා .පස්සේ මිනිහා බලනකොට ඇමති තුමාව මරලා දලාලු සර්.මිනිහට ඇහිලා තියනවා කව්ද ගැනු කෙනෙක් ගැන කතාවේනවා .ඉතින් මිනිහට මතක් වෙලා තියෙන්නෙ අර පැයකට උඩදි ලේ පේරාගෙන මැදවච්චියට හයර් එකක් ගියපු ගැනු කෙනාව .මිනිහා හෙමින් සැරේ එතනින් මරැ වෙලා ඇවිත් අපිට පැමිනිලි කලා....."
සාජන් කුරේ විසින් සිදුවිම විස්තර කල පසු නින්දද මා කෙරේන් දුරස් විය.
"හරි සාජන් ඔයාලා දැන් එතනට යන්න ..."
"අපි දැනටමත් එතනට ගිහන් ඉන්නේ සර් .අපි මුලික කටයුතු කරලා තියෙන්නෙ .සර්ව දැනුවත් කරන්න ඔන නිසයි කතා කලේ...."
"හොදයි සාජන් .මමත් එන්නම් .අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා..."
තාරක ගජනායක කියන්නෙ වර්තමාන බලයෙ ඉන්න රාජයෙ ප්‍රබල ඇමතිවරයෙක්.එ වගේම මිනිහගේ ඉහල සම්බන්දකම් ගොඩක් තියනවා.හැබැයි මේ ඇමති තුමත් අනික් අය වගේම තමා.රජ්‍ය බලය තිබුන නිසා ගොඩක් නිතී ⁣විරෝධි වැඩ ඇමති තුමගේ දැනුවත් විම මත සිදුවුවා.අපට කිසිවක් කර ගැනිමට නොහැකි වුයේ කිසිදු සක්ෂියක් නොමැති විම නිසාවෙනි...."
පැයක් පමන යන විට මා හට සිදුවිම සිදු වි තිබු තාරක ගජනායකගේ පන්ඩුල ගම පිහිටි තේමහල් නිවස වෙත ලගා විමට හැකි විය.මා යන විටත් සාජන් කුරේ ඇතුළු පිරිස එම ස්ථානයේ අපරාධයක් සිදු වු ස්ථානයක් ලෙසට සටහන් කර මුලික කටයුතු සිදු කර තිබුනා....
මධ්‍ය කරැවන්,රජයෙ විවිධ ඇමති වරැන් ,දිසාපතිවරැ අදි ප්‍රභල චාරිත එම නිවස පුරාවට මා හට දැක ගත හැකි විය.මා ජිප් රාථයෙන් බහිනවිටදිම මධ්‍ය කරැවන් මා වට කර ගත්තේ හරියට අපරාධ කරැවා කොටුකර ගත්තා වැනි හැගිමකින්ය...
"සර් මොනවද මේ සිද්ද වෙලා තියෙන්නේ.පොලිසිය නිදිද මේ විදිහට ප්‍රභු ඝතන සිද්ද වෙනකොට..."
"සමාවෙන්න ,පොලිසිය නිදි නැහැනේ .නිදි නම් මෙහෙම ඇහැරිලා ඉන්න බැහැනේ නේද.ටිකක් වචන කතාකරද්දි හිතලා බලලා කතා කරන්න.දැන් අයින් වෙන්න මට වැඩ තියනවා ...."
මා හිතට දැනුනේ බලවත් කෝපයකි .මොකද මෙ රටෙ මිනිස්සුන්ට අපි කරන සේවය කොයිතරම් කලත් හොදක් කියන්නෙ නැති එකටත් ,එක දෙක කරලා ප්‍රසිද්ද කරන මධ්‍ය කරැවන් ගැනත් දැනුනෙ කලකිරිමකි.
"සර් එන්න උඩ තමා මර්ඩර් එක සිද්ද වෙලා තියෙන්නේ...."
සාජන් කුරේ පැමින මා සිදුවිම සිදු වි තිබු ස්ථානය වෙත කැදවන් ගියා.උඩු මහලට යාමට නගින්නට තිබු තරප්පු පෙල දිගටම ලේ පැල්ලම් විය.
"සාජන් කොහොමද මෙ පඩි වල ලේ පැල්ලම් ගැව්නේ .මොකක්ද හිතන්නේ එ ගැන...."
"සර් අපිට මුකුත් හිතාගන්න බැ සර් .හරි දරැණු විදියට මරලා දලා තියෙන්නෙ .මොකක් හරි ලොකු තරහකට කරලා තියෙන්නෙ .අපි සර් එනකල් කිසිම දෙයක් එහෙ,මෙහෙ කලේ නැහැ.යමුකෝ සර් උඩට...."
සාජන් කුරේ සමග දෙවැනි මහලට පියනැගු මා හට දැක ගත හැකි වුයේ මා දැක ගැනිමට සිතු පුරැදු දර්ශනය නොව ඉට හත්පාසම වෙනස් දර්ශනයකි.බිහිසුනුය.සැබැවින්ම බිහිසුනු විදිහට මරලා දලා.සිරැර සම්පුර්න නිරැවතින් කාමරයෙහි විශාල යුගල යහන මත තිබුනි.ඔහුගේ මුළු ඇග පුරාවටම දරැණු කැපුම් පාරවල් විය.අත් දෙක සහා කකුල් දෙක ලණු අධාරයෙන් ඇදෙහි බැද තිබු අතර මුහුනේහි ඇස්වලට පවා උල් දෙයකින් ඇන තිබුනා...."
"සාජන් ගොඩක් වධ දිලා මරලා තියෙනවා වගේ .බලන්න මුළු ඇගේම කැපුම් පාරවල්,එ වගේම ඇස්දෙකටත් ඇනලා .සිට් මේ තරම් තරහක් තිබුනේ කාටද ඇමති තුමා එක්ක...."
"සර් මම කලින් කිව්වෙත් එක තමා සර් .වෙන එවාට වඩා බරපතලයි සිද්දිය.හොදම කාරනාව තමා සර් රහස් ප්‍රදේශයත් කපලා දලා ....."
"හම් ,,,සාජන් මරණ පරික්ෂනය කරන්න රෝහලට දැනුම් දුන්නද...."
"සර් කියලා තියෙන්නෙ තව ටිකකන් එයි...."
මරණ පරික්ෂනය සිදු කිරිමට අදාල නිළධාරින් පැමිනෙන තුරැ මා මදක් සිදුවිම සිදුව තිබු ස්ථානය නිරික්ෂනය කරන්න පටන් ගත්තෙමු.එය විශාල කාමරයකි.සැප ඇදක් සහ සැප මෙට්ටයකි.කාමරය පුරාම ලේ පැල්ලම් විය.මා ඇද යටට හිස යොමු කලේ වැදගත් කසිවක් හම්බ වෙයිද කියා බලන්නයි.නමුත් එහි කිසිවක් නොව් අතර මා ඇස ගැටුනේ කාරාඹුවක කැඩි ගිය සියුම් කැබැල්ලක් ඇද යට තිබෙන බවය.මා සිතුවා හරි එය කරාඹුවක අල්ලපු ගලකි.මා ප්‍රවේශමෙන් එය රෑගෙන සාජන් කුරේ හට දුන්නේ එය හොදින් ඔතා තබා ගන්නා ලෙසට උපදෙස් ලබා දෙමින්ය......
කාමරය තුල සැක කටයුතු දෙයකට සොයාගත හැකි වුයෙ පෙර කී කරඹු කෑල්ල පමනකි .නමුත් එම කාමරයට අල්ලපු කාමරයෙහි තිබි අපට කන්තා රත්‍රි ඇදුම් දෙකකා,ලේ තැවරැන උල් පිහයක් ,සිගරට් පැකට් දෙකක් ,අරකකු බෝතල් පහක් කෝණ්ඩම් අඩංගු මල්ලක් වගේ භාන්ඩ කිපයක් සොය ගත හැකි විය....
"සාජන් මොකද හිතන්නෙ මෙ හමුබ වුන බඩු ගැන..."
"සර් මට නම් හිතෙන්නෙ මේ ගෙදර මිට වඩා මොනාහරි වෙලා තියනවා කියලා.ඇරත් අපි හැමෝම දන්නවනේ තාරක ගජනායක කියන ඇමති ගැන .එක නිසා මෙතන මොකක් නමුත් ලොකු අභිරහසක් නම් ඇති කියලා මට හිතේනවා....."
"හම් අභිරහසක් නම් වෙයි වගේ සාජන් අපි බලමුකො...ආ,,සාජන් උඩම තට්ටුව පරික්ෂාකලාද...."
"නැ සර් බැරිවුනා ..."
"අපි මරණ පරික්ෂන කරන අය එනකල් යමුද ටිකක් උඩත් බලලා එන්න .බලන්න සාජන් මේ ලේ ගැව්න අඩි පාරවල් උඩ තට්ටුවටත් ගිහින් තියනවා.ඇයි කලින් එ ගැන බැලුවේ නැත්තේ ..."
"සර් අපි බලන්න තමා හිටියේ එත් කොහෙද සර් සිද්දිය අරන්චි වුන ගමන් සෙනග පිරැනා මෙතන ...."
"හම්,,හම් ,,යමුකෝ බලන්න...."
සාජන් කුරේ සමග උඩු මහල වෙත යාමට සුදනම් වන විට පිටුපසින් පැමිනි අයකු මට කතාකරනව ඇසුනා....
"සමාවෙන්න ,මේ මම හිතන විදිහට කපිල ගුණවර්ධන වෙන්න ඇති නේද...."
මා හැරි බලන විට මැදිවිය පසුකරමින් සිටින තරමක් උස මහත වැදගත් විදිහට ඇද ,පැලද ගත් මහත්මයෙකු විය...
"ඔව් මිස්ටර් ,,මම තමා කපිල ගුණවර්ධන කියන්නේ .එත් මට මිස්ටර්ව මතක නැහැනේ....."
"ආ,,මම තමා අගමැති තුමගේ ලේඛම් නලින්ද දිසානයක.අදුන ගන්න ලැබිම සතුටක්..."
ඔහු ඔහුගේ දකුණත මා වෙත දිගු කරමින් මට සුබපැතුම් එක්කලා...
"ආ,,ගොඩක් සතුටුයි අදුන ගන්න ලැබිම ගැන..ඉතින් මිස්ට නලින්ද මොකක්ද මගෙන් වෙන්න ඔන ..."
"මිස්ට කපිල දන්නවනේ මේ මැරිලා ඉන්න තාරක ඇමති තුමා ගැන.අගමැති තුමා එක්ක ලගින්ම අශ්‍රය කල කේනේක්.ඉතින් අගමැති තුමා මව එව්වේ මේ ගැන සොයා බලන්න කියලා.මම මෙහෙට අවට පස්සේ තමා දැන ගන්න ලැබුනේ පරික්ෂන බාරව ඉන්නේ මිස්ට කපිල කියලා.අනේ මිස්ට කපිල මේක අගමැතිතුමගේ ඉල්ලිමක් කියලා හිතලා කොහොම හරි මිණිමරැවාව අල්ල ගන්න ...."
"එ ගැන බයවෙන්න එපා මිස්ට නලින්ද අපි උපරිම උත්සහා කරනවා මිණිමරැවව පුළුවන් තරම් ඉක්මනින් අල්ල ගන්න...."
"හොදයි එහෙනම් ඔබතුමා පරික්ෂන කරන් යන්න .මම ගිහින් එන්නම්...."
ඔහු නික්ම යනවත් සමගම මරණ පරික්ෂනය සිදුකිරිමට අදාල නිළධාරින් පැමිනි නිසා අප උඩු මහලට යාමට හැදු ගමන නතර කර එ දේසට ගියේමු......
මරණ පරික්ෂන කටයුතු අවසන් කර මෘත ශරිරය රෑගෙන යාම සදහා පැය දෙකක පමන කාලයක් ගත විය.පරික්ෂනය සදහා පැමිනි නිළධාරියා වැඩි කාලයක් ගෙන මෘත ශරිරය පරික්ෂා කල අතර අවසාන නිරික්ෂනය වුයේ පිහියක් වැනි මුවහත් අයුධයක් මර්ගයෙන් සිදුකර තිබු කැපුම් තුවල මරන්තික බවට පත්ව හෘද වස්තුවට රැධිරය වාහනය විම නිසා මරණය සිදුවි ඇති බවත් .එය මිණිමැරැමක් බවටත් සනාථ විය.මරණය සිදුවන්නට ඇතැයි විස්වස කරන්නේ රත්‍රි 10,12 අතර කාලය තුල බවත්ය....
ඔව්න් පිටත්ව ගිය පසු සාජන් කුරේ ඇමතු මා එතේක් වෙලාවක් සිතේ තිබු ප්‍රශ්නයක් විමසුවෙමි...
"සාජන් අර රියදුරගේ පැමිනිල්ලේ හැටියට කියට විතරද අර ගැණු කෙනා හයර් එක යන්න ඇවිත් තියෙන්නෙ...."
"ම්,ම් ,,සර් 11.30 ට විතර කියලා තමා කිවේ..."
"එතකොට සාජන් මරණය සිද්ද වෙලා තියෙන කාලය අරන් බැලුවොත් 10,12 ත් අතර කියලා තමයි වර්ථවෙ සදහන් වෙලා තියෙන්නේ.අර හයර් එකට අවා කියන ගැනු කෙනා ඇවිත් තියෙන්නෙ 11.30 ට ....හම් "
සමහර විට මේ පැමිණිලි කරැ පැවසු ගැහැණිය මේ සිදුවිමට සම්බන්දවන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද අපි තාම හරියට හොයගෙන නැහැ මොකද සිද්ද වුනේ කියලා...
"සාජන් මේ ඇමති තුමගේ අරක්ෂකයො කෝ එතකොට .සමන්‍යයෙන් අපේ අයෙකුත් ඉන්නවනේ අරක්ෂාවට.."
"සර් එතන පොඩි ගැටළුවක් තියනවා තමා .මොකද ඇමති තුමා ඉයේ රෑ මෙහෙට ඇවිත් තියෙන්නෙ අගමැති තුමගෙ නිළ නිවසේ ඉදලා අනුරාධපුරයට අව ගමන් වහන ටික නවත්තලා ඇමති තුමා තනියම තමා මේ කරේක අරන් ඇවිත් තියෙන්නේ හැමොටම කිව්වලු යන තැනක ගිහින් දවස් දෙකකින් එන්න කියලා....."
අප සිදුවිම වු ස්ථානයෙ අරක්ෂාවට කිහිප දෙනෙක් රදවා නැවත පොලිස්ථනය වෙත පැමිනෙන විට උදෑසන දහයටත් අසන්නව පැවතිය.දහවල් වන විට මධ්‍ය හරහා මේ තාරක ගජනායක ඇමති තුමාගෙ මරණය සම්බන්දයෙන් විශාල ප්‍රචරයක් ගෙන ගියා .පක්ෂ විපක්ෂ දෙශපාලකයින් විවිධාකරයේ කතා ගෙනහැර පාමින් සමහර අවස්ථාවලදි අප දෙපාර්ථ මෙන්තුවද හැල්ලුවට ලක් කරනු දක්නට ලැබුනා...
සවස පහට පමන මා හට පොලිස් පති තුමගෙන් ඇමතුමක් පැමිණියා...
"කපිල,,කොහොමද තාරක ගජනායක අැමති තුමගෙ මර්ඩර් එකේ තත්වේ.."
"අපි පරික්ෂන පටන් ගත්තා විතරයි සර් .තාම මුකුත් හොයගන්න බැරි උනා.."
"කපිල ඉක්මනට මොනාහරි කරන්න ,,පෙනවනේ රජය මේ ගැන හොයනවා සැහේන්න .මට ජනධිපති තුමත් කතා කලා .එ හින්දයි මම කපිලට කතා කලේ .හොදයි පරික්ෂන කරන් යන්නකො මොනහරි දෙයක් තිබුනොත් මට කතා කරන්න....."
"හොදයි සර්...."
හම් ,,පරික්ෂන පටන් ගත යුතු වුවත් කොහෙන් ,කොහොම පටන් ගන්නදැයි සිතාගත නොහැක මොකද හරි,හමන් සක්ෂියක් නැ.ම්,ම්,ම්.මා තිරණය කලේ තාරක ගජනායක ඇමතිගේ සම්පුරන විස්තර මුලින්ම මා සොයාගත යුතුය .ඉන්පසු තිරණය කල යුතුයි ඉදිරියට සිදු කරන්නේ කුමක්දැයි කියා...
"සාජන් මට මේ තාරක ගජනායක ඇමති තුමගේ සම්පුර්න විස්තරයක් හොයලා ඔන එයා ආ ගිය තැන්,අශ්‍රය කල අය,කරපු ව්‍යාපර ,පව්ලේ විස්තර හැම දෙයක්ම අවශ්‍යයි පුලුවන් තරම් ඉක්මනට එ විස්තර මට ඔන.එ වගේම අර පැමිනිල්ල දැම්ම කේනාට එන්න කියලා පණිවිඩයක් යවන්න මට එයාව හම්බ වෙන්න ඔන...."
"හොදයි සර් මම එ විදිහට කරන්නම්...."
සාජන් කුරේ පිටව ගිය පසු මා දිගින් දිගටම සිතුවේ මේ අත්භුත මිණිමැරැම සිදුකලේ කව්ද ,කුමක් නිසාද කියාය.කව්රැ කෙසේ කලාත් ගොඩක් වෛරයකින් තමයි මෙ දේ කරලා තිබුනේ මොකද මෘත ශරිරයෙ තිබු සලකුණු වලින් එ බැව් පැහැදිලි වෙනවා.....
ආ,,මට එක දෙයක් අමතක වුනා.සමාවෙන්න ඉතින් මතකය දිග ඇර ඇර ලියන්නේ .අපි එදා අර උඩ තට්ටුවත් පරික්ෂා කල එහිදි අපට නාන කාමරයක් තුල තිබි ලේ තැවරැන කන්තා රත්‍රි ඇදුමක් සහා අත් වැසුම් යුගලයක් හම්බ වුනා.එ වගේම එහි යම් අයකු විසින් ලේ සෝදා හැර තිබු බවට සලකුනු විය......
සාජන් කුරේ විසින් දුන් දැනුම් දිමට අනුව ත්‍රිරෝධ රථ රියදුරා පැමින තිබු බැවින් මා ඔහුට ඇතුලට පැමින වඩිවන ලෙස දන්වා සිටි පසු ඔහු පැමින අසුන් ගත්තා....
"ඉතින් තමුන් එදා මොනවද දැක්කේ.මොකක් නිසාද තමුන් පැමිනිලි කලේ..."
"සමාවෙන්න සර් මම නිශාන්ත ,රෑකියාව වශයෙන් තමයි සර් මම මේ ත්‍රිවිල් එක හයර් කරන්නේ .එදාත් සර් මම පුරැදු විදිහටම එකොලහයි කාලට විතර ගෙදර යන්න කියලා තමා හැදුවේ මම පන්ඩුලගමට එනකොට එකොලහාමරයි.මට එ වෙලාව හොදට මතකයි මොකද මම මගේ ගේදරට කෝල් එකක් ගත්තා එතකොට මම දැක්කා වෙලාව එකොලහා මරයි .එතකොට එකපාරටම තරැණ ගැනුකෙනෙක් දුවන් අවා ඇවිත් නැග්ගා විල් එකට .මම ඇහුවා මොකද මිස් කොහෙහරි යන්නද කියලා.ඉට පස්සෙ ඇය කිවා මාව මැදවච්චියට එක්ක යන්න කියලා .එ වෙලාවේ හැටියට ඉතින් රැපියල් තුන්දහක් ගත්තා එහෙට යන්න මම ගාන කිව්වා .එවිට ඇය මට රැපියල් පන්දහෙ කොලයක් දිලා කිව්වා මේ පන්දාහම අරගන්න මව ගිහින් දන්න කියලා .මමත් ගියා මගක් යනකොට මම දැක්ක මෙ ගැනුකේනා මොනාට හරි බයවෙලා ඉන්නෙ කියලා .එක මට තේරැනා ඇය හැසිරැන විදිහෙන්.තව ටිකක් දුර යනකොට තමා මම දැක්කේ ඇය හැද වුන් ඇදුම් වල ලේ පැල්ලම් ඇති බව .මා එ ගැන ඇගෙන් විමසා සිටියත් ඇය පැවසුවෙ පඩිපෙලකින් ලිස්සලා වැටිලා තුවල වුනා එ තුවලේන් පිටව්න ලේ තමා මේ කියලා.මම පැය බගයක් හො විනඩි හතලිහක් වගේ කාලයක් අරන් මැදවච්චියට මෙහා රඹැව හරියට යනකොට ඇයට කාගෙන් හරි ඇමතුමක් අවා .ඉට පස්සෙ ඇය හදිසියෙම වගේ රඹැවෙන් බැස්සා....."
"පස්සේ තමුන් මොනද කලේ .ඇයි තමුන්ට සැක හිතුනේ නැද්ද එ ගැනුකෙනා ගැන...."
"අනේ සර් එහෙම සැකයක් එ වෙලාවේ මගේ හිතට අවේ නැහැ මොකද මම ඉක්මනින් ගෙදර යන සිහියෙන් හිටියෙ....පස්සෙ මම ගෙදර යන්න යනකොට තමා දැක්කෙ ඇමති තුමගේ ගේ ලග සෙනග පිරිලා ඉන්නවා .කව්රැ හරි කියනවා ඇහුනා ඇමති තුමාව මරලා කියලා ,කන්තාවක් ගැනත් කියනවා ඇහුනා.පස්සෙ තමා මම පොලිසියට පැමිනිලි කලේ....."
ඔහුගෙන් ඉට වඩා දෙයක් දැනගත හැකි වගක් නොපෙනුන නිසා මා ඔහුට පිටව යන ලේස පැවසුවත් අවශ්‍ය ඔනැම අවස්ථාවක පැමිනිමට සුදනමින් සිටින ලෙස දන්වා ඔහු පිටත් කර හැරියා.....
ගොඩක් දවසකින් කතාවක් ලිව්වෙ ගොඩක් අය අහලා තිබුනා කතාවක් නැද්ද කියලා .සමාවෙන්න හොදද ගෝඩක් වැඩ මේ දවස් වල ........

..................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Like us on facebook : Cool machan cool
 

No comments:

Post a Comment