කෙටි කතාවකි....
...................................................................
හම්මෝ දවස් පහ හයකට පස්සේ පිටනියට ආවේ සෙල්ලම් කරන්න.. කව්ද පොඩි උන් ටිකක් සෙල්ලම් කරනවා... අපේ උන් ටික ඇවිල්ලා නෑ තවම..
ෂැක්... 4n එක අරන් ආවෙත් නෑනේ කෝල් එකක්වත් දෙන්න මුන් එකෙකුට...
මන් ඉතින් පිට්ටනිය අයිනට වෙන්න වාඩි වෙලා හිටියා...
ෂැක්... 4n එක අරන් ආවෙත් නෑනේ කෝල් එකක්වත් දෙන්න මුන් එකෙකුට...
මන් ඉතින් පිට්ටනිය අයිනට වෙන්න වාඩි වෙලා හිටියා...
"අඩෝ වරෙන් මචන් මැච් එකක් ගහන්න..."
කව්ද යකෝ මට අඩෝ මචන් කියන මේ අගුටු මිට්ටා...
දැන් හැදෙන පොඩි උන් නම් අන්තිමයි.. ඇයි යකෝ මේ බටු ඇටයක් වගේ ඉදගෙන මට මචන් කියන්නේ... පොඩ්ඩක් ගරුසරු ඇතුව කතා කරන්න එපැයි අයියා කෙනෙකුට කතා කරද්දී...
මොකද කරන්නේ... අපේ උන් දැන්ම එන පාටකුත් නෑ.. මෙතනට වෙලා වාඩිවෙලා ඉන්නත් කම්මැලී...

"හා යමන්කෝ මල්ලී එහෙනම්..."
"ආ.. මූත් එනවලු දෙපැත්තට බෙදිලා සෙල්ලම් කරමු..."
යකෝ මේ අගුටු මිට්ටගේ කතාව බලපල්ලකෝ.. මට මූ කියලත් කියනවා...
වලියක් දාගන්නත් බෑ මුන්ගේ සෙට් එක එකතු වෙලා මට ගැහුවොත් එහෙම වස විලිලැජ්ජාව..
කොහොමින් කොහොමහරි කාසියේ වාසිය උරගා බැලුවා... ඒ මගුලේ වාසියත් ආවේ අනිත් පැත්තට.. දැන් ඉතින් අහුලපන්කෝ...
පලවෙනි ඕවරේ බෝල 3ක් දෑවා මම...

"අයියේ...."
කව්ද පොඩි කෙල්ලෙක් ඈතින් කෑගහනවා ඇහෙනවා... මන් ගනන් ගන්නේ නැතුව ඊලග බෝලෙත් දෑවා...
"අයියේ........."
අර පොඩි එකා අපහු කෑගහනවා... මන් ඒ පැත්ත බැලුවේවත් නැතුව සෙල්ලම් කරන උන්ට කිව්වා අන්න උබලගේ නංගි කෙනෙක් අවිල්ලද කොහෙද කෑ ගහනවා මොකද කියලා බලපන් කියලා...
මන් ඉතින් ඊලග බෝලෙත් දෑවා...
මන් ඉතින් ඊලග බෝලෙත් දෑවා...
"ඒයි මෝඩයෝ...."
අප්පට සිරි කාගෙද යකූ ඒ සූකිරි වොයිස් එක... මමත් බැලුවා කව්ද කියලා...
මල කෙලියයි සාන්ත... පුපුර පුපුර පිට්ටනිය කොනේ ඉන්නේ වෙනකව්රුවත් නෙවෙයි... මගේ සුදු කෙල්ල....
මෙයා කොහොමද මෙතනට ආවේ යකූ...
මල කෙලියයි සාන්ත... පුපුර පුපුර පිට්ටනිය කොනේ ඉන්නේ වෙනකව්රුවත් නෙවෙයි... මගේ සුදු කෙල්ල....
මෙයා කොහොමද මෙතනට ආවේ යකූ...
"මෙහෙ එනවා...."
වැඩේ හරි වගේ...
"මේ මල්ලී මන් යනවා බන්.. උබලා සෙල්ලම් කරපල්ලා..."
"අයියෝ බන්.. මොනවද..."
මොනවද නෙවෙයි මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ යකෝ... මේ පොඩි උන් දන්නේ නෑ නේ මේ සූකිරි කෙල්ල මොන වගේද කියලා...
"ඒ බන් මේ අයියටද බන් අර අක්කා මෝඩයා කිව්වේ..."
අම්මපා වස විලි ලැජ්ජාව.. මුන්ටත් ඕන නැති මගුලක් නෑනේ...
මන් යද්දී ඉනට අත් දෙකත් තියන් බලන් ඉන්නවා මේකි.. ඉන්න විදිය නම් එච්චර හොද නෑ වගේ.. බලමුකෝ කතා කරලා...
"ඔයා කොහෙද මැනික මෙහේ..."
"මෙහේ... ඇයි මට මෙහේ එන්න බැරිද..."
"නෑ නෑ බබා ඒම නෙවෙයි... ඔයා ඉතින් මේ පැත්තේ එනවා කිව්වේ නෑනේ..."
"ඔව් කිව්වේ නෑ තමා..."
"ඒකනේ ඉතින් කියන්නේ නැතුව ආවේ ඇයි ඉතින් බබී..."
"හහ්.. ඔයාට කියන්න මන් ඔයාගේ ගෙදරට ආවේ නෑනේ... මන් ආවේ අම්මට කෝල් කරලා අම්මව බලන්න... ඒ එද්දී ඔයා අතුරුදන්.."
යකෝ.. මේකි බලපල්ලකෝ... අපේ ගෙදරට ඇවිල්ලා මට සද්දේ දානවා...
"හා හරි හරි.. යමුකෝ ගෙදර දැන්... ඉතින් ඔයා ඇවිල්ලා මට කෝල් එකක් දෙන්න එපැයි... මන් එනවනේ එහෙනම්..."
"හහ්.. කෝල් දෙන්න... අනේ මේ අයියේ අයියේ මගේ තරහා අව්ස්සගෙන ගුටි කන්න එපා හොදේ..."
ඒ මොකද සාන්ත ඒ.. කෝල් එකක් දෙන්න කිව්වම තරහා යනවා කියන්නේ... අනික මේකිට තව තරහා යනවද... හොදටම තරහා ගිහින්නේ ඉන්නේ... මන් බයේ ඉන්නේ දැන් නැතුවට දැන් මේකිගේ කොටි නියපොතු ටිකෙන් මගෙ කනෙන් අල්ලයි කියලා...
"ඒ මොකද බබා ඔයා එහෙම කියන්නේ..."
"කොහොම කියන්නෙද..."
"කෝල් එකක් ගන්න තිබ්බා කිව්වම..."
"කෝල් දෙන්න 4n එක ඔයා ලග තියෙනවද ආ.."
මලා අද නම් ඉවරයි.. මන් 4n එක ගෙනාවේ නෑනේ...
"ආ.. 4n එක ගේන්න අමතක වෙලානේ බබී මට..."
"අමතක වෙලා නෙවෙයි ගෙනල්ලා නෑ අයියේ ඔයා... එක 4n එකකට කෝල් කලාම ඒක කාමරේ.. අනිත් එකට කෝල් කලාම ඒක tv එක ලග..."
අද නම් මල පැනලා කෙල්ලට.. දැන් ගෙදර ගියාම අම්මත් මොකක් හරි කිව්වොත් තමා දෙන්නගෙම දේසනාව අහන්න වෙන්නේ...
කොහොමහරි බැනුම් අහ අහා ආවා කියමුකෝ ගෙදරට...
කොහොමහරි බැනුම් අහ අහා ආවා කියමුකෝ ගෙදරට...
"කොහේ ඉඳලද පුතේ මෙයා හොයාගත්තේ...කිසි කතාවක් නෑ අර මදාවියො ටිකත් එක්ක පිට්ටනියේ ඉන්න ඇති..."
ඕන් බලාපල්ලකෝ අපේ අම්මත් තමන්ගේ එකම කොලු පැටියට කතා කරන හැටි...
"ඔව් ඔව් අම්මේ එතන තමා හිටියේ..."
"ඒකනේ මන් කියන්නේ මේකව නම් කොච්චර කිව්වත් හැදෙන ලමයෙක් නෙවෙයි ගෙදර ඉන්න බෑ කොහොමවත් කොහේහරි පනින්නම තමයි බලන්නේ..."
"ඒකනේ අම්මේ..."
යකෝ මන් සමාජ විරෝධී ක්රියාවක් කලා වගේ නේ මේ දෙන්නගේ කතාව...
"මෙන්න දූ කන්න ආස නිසා මන් පැනි වලලු හැදුවා..."
නයි කයිද රෝස් පාන් කිව්වලු.. මන් දවස් 2ක් කිව්වා පැනි වලලු හදලා දෙන්න කියලා වැඩ වැඩී පස්සේ දවසක හදලා දෙන්නම් කිව්වා.. මෙයා ආවා විතරයි පැනි වලලු හදලා.. ඒකත් මන් ආස නිසා නෙවෙයි මේකි ආස නිසා.. ඕකට තමා කියන්නේ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙනවා කියලා...
"ආනේ අම්මේ නියමයි නියමයි..."
මේකි හෙන හිනාවක් දාලා අම්මා අතේ තිබ්බ පැනි වලලු පිගානම ගත්තා... කෝ මටත් දෙන්න කියන්න හැදුවා විතරයි මට රවලා මෙන්න පැනි වලලු පිගනම අරන් යනවා මේකි...
"ඒයි කොහෙද යන්නේ... මටත් දීලා යනවාකෝ එකක්.."
ආපහු ගස්සගෙන ගියා නේද මේකි මාව ගනන් ගන්නේ නැතුව.. අද නම් මට පැනි වලලු කන්න වෙන්නේ නෑ වගේ...
"නංගී.... නංගියෝ... අම්මා පැනි වලලු හදලා... එන්න කන්න..."
හා එච්චරයි අඩුවෙලා තිබ්බේ.. මෙතෙන්ට අපේ නංගිත් එකතු උනාම හරියට හරි..
කොහොමහරි පැනි වලලු කාලා තේ් බිව්වා කට්ටියම.. ඒත් කෙල්ල තවම තරහෙන් වගේ මාව ගනන් ගන්නෙත් නෑ... කතාවකුත් නෑ... බලමුකෝ රෑට එලියේ සද්දයක් ඇහුනත් බය වෙලා කෝල් දෙන කෙල්ල කොහොමද මාව ගනන් ගන්නේ නැතුව කතා නොකර ඉන්නේ කියලා... ඔහොම යන්කෝ මැනිකේ...
මමත් ඉතින් වැඩි කතාවක් නැතුව හිටියා...
මමත් ඉතින් වැඩි කතාවක් නැතුව හිටියා...
"මේ මන් යනවා... අහුවෙනෝකෝ බලන්න ආපහු හොරාට රස්තියාදු ගහන්න ගිහිල්ලා..."
"හා හරි හරි පරිස්සමෙන් යනෝකෝ එහෙනම්..."
"ආ... ඔහොම ඉන්නෝ මන් එන්නම් ගෙදර ලගට යනකන් ඔයාගේ බයික් එක පස්සෙන්.."
මොනවා උනත් මේකි තනියම බයික් එකේ උනත් යවන්න ලෝබයි නේ.. අනික ඉස්සරහින් වහනයක් එද්දී මේකි බයයි.. බයික් එක අයින් කරලා නවත්තගන්නවා..
"නෑ.. නෑ.. ඕන නෑ.. මට පුලුවන් ආපු විදියටම යන්න බයික් එකේ.."
"නෑ.. නෑ.. ඔහොම ඉන්නවා මන් එනකන්..."
"ඕන නෑ.. මන් යනවා..."
මන් ඇදුමක් දාගන්න ගමන් ජනේලෙන් බැලුවා මේකි ගිහිල්ලද කියලා.. මේකි බයික් එක හරවගෙන ඉස්සි ඉස්සි දොර දිහා බලනවා මන් එනවද කියලා...
මන් එලියට එනවා දකිද්දිම බයික් එක ස්ටාට් කරගෙන මෙන්න යනවා...
මන් එලියට එනවා දකිද්දිම බයික් එක ස්ටාට් කරගෙන මෙන්න යනවා...
මමත් ඉතින් එයාගේ බයික් එක පිටිපස්සෙන් යනවා මගේ බයික් එකෙන්.. මට බයික් එක තල්ලු කරන් යන්නත් පුලුවන් මේකි යන වේගෙට..
වාහනයක් එද්දී බයික් එක පුලුවන් තරම් අයින් කරනවා.. හැම වංගුවකම හෝන් එක ගහනවා.. මට හිනයි මේකි යන විදියට..
කොහොම හරි එයාලගේ ගෙදර ගේට්ටුව ලගටම ගිහින් නැවැත්තුවා බයික් එක... මමත් ගේට්ටුව ඉස්සරහින්ම නැවැත්තුවා බයික් එක...

"ගෙදර යනවා හරිද පාරේ රස්තියාදුගහන්නේ නැතුව... ගෙදර ගිහින් කෝල් එකක් දෙනවකෝ මන් අල්ලගන්න..."
එහෙම කියලා මන් දිහා රවලා බලලා ගේට්ටුවත් ඇරගෙන මේකි ගෙදරට ගියා..
මමත් ඉතින් බයික් එක හරවගෙන අවේ අද නම් කන පිරෙන දේසනයක් 4n එකෙන් අහගන්න පුලුවක් කියලා හිත හිතා...
මමත් ඉතින් බයික් එක හරවගෙන අවේ අද නම් කන පිරෙන දේසනයක් 4n එකෙන් අහගන්න පුලුවක් කියලා හිත හිතා...
රනා....
රස්තියාදු නාවිකයා
රස්තියාදු නාවිකයා
(කියවලා හොදද කියලා කියන්නකෝ යාලුවනේ....😊😊)
..................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Subscribe os on Youtube :https://www.youtube.com/channel/UC1DLXUYPENT6w8ztLeuy0cg
Channel 02 : Cool Vlogs
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
Follow us on istagram:
https://www.instagram.com/cool_machan_cool/
https://www.instagram.com/cool_machan_cool/
Like us on facebook : Cool machan cool
No comments:
Post a Comment