අවාරයේ ශ්‍රීපාද මුළු පරිසරයම තද මීදුමෙන් දැඩි සුළඟින් පිරීයයි. තද සුළඟට ශ්‍රීපාද රක්ෂිතයේ ඇති ගහකොළවල විශාල අතු බිඳවැටී ගස් ඉදිරි වැටී මාර්ග අවහිර වෙයි. අවාරයට ශ්‍රීපාදයේ ජලය විදුලිය වෙනත් පහසුකම් නොමැත. ඒවා විසන්ධි කරයි. විදුලිය නැතිව රාත්‍රී ගමන ඉතා අනතුරු දායකය. අවාරයට දැඩි සුළඟ සමග එක දිගට විදුලි කොටමින් අකුණු ගසමින් දින ගණනාවක් මහවැසි ඇද වැටෙයි.
කුඩා පටු මාර්ගවල ගල් ගැලවී වැටෙයි. අතු කඩා වැටී ගස් වැටී මාර්ග අවහිර වෙයි. ශ්‍රී පාදයට යන මාර්ග අඩි ගණනක් වසාගෙන බොරපාට වැහි වතුර කදන් පහළට ගලයි. මාර්ග යටවී ඒවා සොයා ගැනිමට බැරිවෙයි. ගහකොළ අඩු පරිසරයේ අකුණු හා හෙණ තදින් පුපුරයි. වර්ෂා කාලය සමග රක්ෂිතයේ වනසත්තු කෑම සොයා එළියට ඇදෙති. දිවියා නල්ලතන්නිය දක්වා සැරසරයි.
දහතුන් දෙනෙකුගෙන් යුතු කුරු අලි රංචුවක් අවාරයේ ශ්‍රීපාද පද්මයේ මුදුනට පවා නගිනි. තනිව ඇවිදීම අවදානම්ය. වන්දනා කාලයට මේ අලි රංචුව ඈත කඳු අතර වනාන්තරවලට ඇදීයයි.පිපාසය බඩගින්නට ආහාරයක් ගැනීමට කඩපිල් නැත. ඒවා අවාරයට වැසී යයි. අවාරය මිනිස් පුළුටක් දක්නට නැති මීදුම වැස්ස මැද පරිසරයක යන අය අතරමං කරයි. වනය හා ආශ්‍රිත ඇතැම් අත්භූත බලවේග ගැනද ඇතැමුන් පවසා ඇත්තේ බියකරු සිදුවීම් සමගිනි, අවාරය මිනිසුන් විසින් හයමාසයක් අපවිත්‍රකළ මුළු ශ්‍රීපාද අඩවිය දෙවියන් විසින් සෝදා පවිත්‍ර කිරීමක් කරන බව හැඟෙයි.

Thanks for watching....
for more videos and images: like us on facebook
No comments:
Post a Comment