අපේ සමහරු කැමතීනෙ සතුන් හදන්න ගොඩක් අය බල්ලො පූසො එතනිනුත් එහාට ගිහින් ඌරො කුකුලො පරවියො ඉබ්බො හාවො තවත් එහාට ගියාම අලි ඇත්තුත් ඇති කොරනව ඒකට නම් ඉතින් බලපත්‍ර අරන් තමා එහෙම නැති අයත් එව්ව නීති විරෝධීව කරල නීති ප්‍රශ්ණ වලටත් මූණ දෙනව ඔබත් අහල ඇතිනෙ,
මේ කියන යන්නෙ ඔබ අප කවුරුත් නිතර දැක ඇති දැන හෝ නොදැන නිවසේ තබා ගන්නා හෝ සුරතලයට ලග තබා ගන්නට ඇතැමුන් උත්සහ කරන අතර නමුත් මෙම සතුන් වනජීවී අඥාපණතේ ආරක්ෂා කල යුතු සතුන් ගණයේ නම් අතර සිටිනවා,
කවුරුන් හෝ මෙම සතකු නිවසේ ඇති කරනවා නම් ඔබට පුලුවන් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කරන්නත් ඒ වගේම ආබාධිත හෝ තුවාල උනු සතකු ඔබට හමුවුවහොත් හැකිලෙස සාත්තු කරන අතර හැකි ඉක්මනින් දෙපාර්තුමේන්තුවට දන්වන්න එයයි හරි ක්‍රමය,
1. දැඩිලෙස ආරක්ෂිත ලැයිස්තුවේ සිටින කුරුලු වර්ග
පැස්තුඩුවා,දියකාවා,අලිමානාවා,හීන්බහුරු මානාව,ජර්ඩන් සර්පෞකුස්සා,රතෝදර රාජාලියා,කොණ්ඩ රාජාලියා,පෙරි කුරුලු ගොයා,කුරුලු ගොයා,තිත්වටුකුකුල,අලුවටුකුකුලා,පදුරුවටුවා,කතුකිතලා,උලුකැස්වටුවා,මහගොලු කිරලා,මූකලණ්බස්සා,අටුබකමූණ,වැහිලිහිණියා,මල් පිලිහුඩුවා,දුබුරු කෑරලා,පොදුපරවියා,මාල කොබෙයියා,ශ්‍රී ලංකා හබන් කුකුල,අලුකෑදැත්තා,මූකලන්කොට්ටෝරුවා,ගිරා මලිත්තා,සැළැලිහිණියා ඒ ලැයිස්තුවේ නම් කිහිපයකි.ලස්සන උන පලියට කූඩු කරල නඩු කන්ඩ එපා ඕං
2. පිඹුරා
ඔය අනුරාධපුරේ පොලොන්නරුවෙ විතරක් නෙවේ කතරගම නුවර පැතිවලත් අපි දකිනව පිඹුරො කරේ දාගෙන ඉන්න උන්දැල,කාගෙ හරි කරට දාල ගානක් කපාගෙන ජීවිකාව කරගන්න හදන අයට කියන්න තියන්නෙ සතා විකුනන් කාල දහස් ගණන් කැපුව වගේ නෙවේ නඩු වැටුනොත් බඩුම තමා,
ඔය අනුරාධපුරේ පොලොන්නරුවෙ විතරක් නෙවේ කතරගම නුවර පැතිවලත් අපි දකිනව පිඹුරො කරේ දාගෙන ඉන්න උන්දැල,කාගෙ හරි කරට දාල ගානක් කපාගෙන ජීවිකාව කරගන්න හදන අයට කියන්න තියන්නෙ සතා විකුනන් කාල දහස් ගණන් කැපුව වගේ නෙවේ නඩු වැටුනොත් බඩුම තමා,
3.දඩුලේනා
ඇතැම් පලාත් වල අය දඩුලේනුන් ඇතිකරල වගේම මරල නීතිමය ප්‍රශ්ණ ඇතිකරගෙනත් තියනව,වදවීමේ තර්ජණයට ලක්වෙලා ඉන්න දඩුලේනා ලගතබා ගැනීම හින්සා කිරීම නීතියෙන් තහනම්
ඇතැම් පලාත් වල අය දඩුලේනුන් ඇතිකරල වගේම මරල නීතිමය ප්‍රශ්ණ ඇතිකරගෙනත් තියනව,වදවීමේ තර්ජණයට ලක්වෙලා ඉන්න දඩුලේනා ලගතබා ගැනීම හින්සා කිරීම නීතියෙන් තහනම්

4.වල්හාවා

ඔය පිටරටින් ගේන බෝල ගුලිවගෙ බබා හාවො නෙවේ උන් ඇතිකරන්න තහනමක් නෑ, නමුත් ලංකාවෙ කැලේ ඉන්න කැලෑ හාවො ඇතිකරන්න මරන්න. තහනම්
5.මුවා- ගෝණා

අපි දකිනව ඇතැම් පලාත් වල මුවෝ ගෝන්නු හරි හීලැයි මිදුලටත් එනව,හෝටල් කාරයො
හරිම ආදරෙයි දන්නවනෙ ඇයි කියල,මුවෝ ගෝන්නු ඇති කරන්න නීතියෙන් තහනම්

6.ඉබ්බො කැස්බෑවො
මතකයිනේ කාලෙක සුදුකැස්බෑවගෙ කතාව ඉබ්බො කැස්බෑවො ලග තියාගෙන හරි මස් කරල හරි කටු හරි අහුඋනොත් බඩුම තමා ඇ පාකර්ගේ ගල් ඉබ්බා,තාරකා ඉබ්බා,කිරි ඉබ්බා කියන සතුන් නිවසේ ඇති කරන්න තහනම්,ඔලුගෙඩි කැස්බෑව,ගල් කැස්බෑව,පොතු කැස්බෑව,බටුකැස්බෑව,දාර කැස්බෑවත් ඇතිකිරීම තහනම්
7.ආරක්ෂිත ලැයිස්තු මත්ස්‍යයෝ
සුරතල් මසුන් ඇතිකරන විකුණන තැන් වල අය දන්නව මොකක්ද මේ කියන්නෙ කියල.එහෙම නැතුව නිකන් ටැංකියක් අරන් ඔහේ වැවෙන් පොකුනෙන් ඇලෙන් අල්ලල දාගන්න මාලු මෙතන ප්‍රශ්ණයක් ලයන් ෆිෂ්,ඩස්කි ඒන්ජල්,රීගල් ඒන්ජල්,ඩොටඩ් බටර්ෆ්ලයි ෆපිෂ්,බැට්ෆිෂ්,පෙතියා,අසෝක පෙතියා,බන්ධුල පෙතියා,පතිරණ සාලයා,මින් සමහරක් නම් කිව්වට දන් නැත්තන් අහක ඉන්න හැම එකාම අල්ලන් ටැංකියෙ ඔබා ගන්න යන්න එපා
ස්තුතිය -වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට
Thanks for watching....
Thanks for watching....
for more videos and images: like us on facebook